Monday, February 6, 2012

Physics ගානක් හදාගෙන යනවා හම්....ඔලුව උස්සලා වටපිට බැලුවා.වටේටම පොත් ගොඩවල් පෑන් දාපු වීදුරු දෙකක් ලස්සනට තියනවා.කොනක  සුභ නව වසරක් 2012 calendar යකෝ සිරාවටම මාර කේස් එක නේ  කැලෙන්ඩර්  එකේ  සුභ නව වසරක් "වේවා !" කෑල්ලක් නෑ.හම්...ඒක ඉතින් අපිම සුභ කර ගන්න එපැයි.කමක් නෑ මගේ පුංචි ඔරලෝසුවේ වෙලාව කීයද..7.44 ..රෑට කන්නත් තව චුට්ට වෙලාවයි.
   
     බිත්තිය දිහාබලපුවාම  සියවසේ මහා විද්‍යාඥා ඇතුලු සුපිරි මොල කන්දරාවක් මන් දිහා බලාගෙන ..මොකෝ අමුතු විදිහට බලන්නේ..
මට මතක විදියට ඕක මම හෑන් බිල් එකකින් කපලා බිත්තියේ ගහ ගත්තේ.දැන් ඉති කට්ටියම ඉස්සරහට වෙලා මන් දිහා බලන් ඉන්නවා.

හපොයි බොල දැන්නේ දැක්කේ මාරි කියුරි නෝනා නොවැ...එකම කාන්තා නියෝජනය..මාරයි යෑ..
  ඊට වඩා මාර වඩේ අනික් ඔක්කෝම කොල්ලෝ කොහොමද නේ....හුටා ඒ වුනාට බයෝ කලාස් එකේ සර් මාර කථාවක් කීවානේ.."මාව හම්බ වෙන්න මෙඩිකල් ගිය ලමයෙක් ආවා..මේ පාර මෙඩිකල් කොලේජ් එකේ ගැණු ලමයි වැඩී කීවා."අනේ මන්දා බලමුකො..ඕවා පචද කොහෝදෝ

බිත්තියේ තියන පින්තූරේ
මේසේ පැත්තකට වෙන්න විදුරු වතුර බෝතලේ වතුර භාගයක් විතර තියනවා කළු පාට මූඩිය ඇරලා වතුර උගුරක් බීලා අහපු තිබ්බා..
                ඔලුව පාත් කරලා වතුර මට්ටම දිහා බැලුවා ඇත්තටම ලස්සනයි කෙමෙස්ට්‍රි පැ‍රැක්ටිකල් එකක් වගේ..ඒක දිහා ටික වෙලාවක් බලගෙන හිටියා ඇත්තටම ඇයි මෙහෙම වෙන්නේ.හෑ....එක ඇහැක් වහපුවාම පේන විදියට නෙවෙනේ  ඇස් දෙකෙන්ම පේන්නේ ඇත්තට එචර නාභි ගතවෙන එකේ වෙනසක් වෙනවාද?හම් ටික වෙලාවක් මම එකට එක එක කෝණ වලින් බැලුවා පුදුමයි නේ ද?
               එතකොට අර එක ඇහැක් විතරක් තියන අයියාට මේ අවුල ඇතිනේ..ඒ වුනාට මොන ප්‍රශ්න ගොඩක් ආවත් පොර දැන් කැම්පස් එකේ නේ..
හපෝ මට අප්පචිව මතක් වුනා අප්පචි මට විභාගේ ගැන දුන්න උපදෙස්...අම්මේ අහපු බෝතලේ ඇරලා වතුර ටිකක් බීවා.
  ඈ.. හම් පොත් ගොඩට යට වෙලා කාසි දෙක තුනක් පේනවා..හැමදාම බස් එකේ ඉතුරුවෙන් සල්ලි ගෙදර ඇවිත් ඔහේ දානවානේ.
අනේ මන්දා අපේ අම්මට මේ මේසේ අපිලිවෙල උනාට මට හරි පිලිවෙලයි....

අතට අහුවුනු කාසි ටික අරන් පිලිවලට ලොකු එකේ ඉදන් පොඩි එකට ගොඩ ගැහුවා.දෙකේ කාසි පහයි.රුපියලේ කාසි එකයි.පහේ කාසි පහයි.

ටික වෙලාවකින් මට ඒවා අවුරුදු පිලිවලට ගොඩ ගහන්න හිතුනා..
දෙකේ කාසි 1995<1996<2005<2006<2009
රුපියලේ කාසිය හරි සවුත්තුයි නේ.කවකට්ට අර හීරුවා වැඩේ හරියන් නෑ..දෙවෙනි ඉලක්කම පේන්නේ නෑ1_98..චික් මම කාසි ගැන හොද් දෙනුමකින් හිටියානම් මෙත්න තියෙන්න පුලුවන් ඉලක්කම් දන්නවානේ..
මහ ලොකුවට ස්ල්ලි පාවිච්චි කරනවා ඒක දන් නැ නේ... : (
පහේ කාසි. 1985<1999<1999<2002<2009 හම්..එකත් ඉවරයි.

            මාර සීන් එක මේ කාසි ටවර් එක වගේ ද අපේ රටේ හදන නෙලුම් කුලුන හරියට යන්තර රාජයෙක් දැම්මා වගේ.ඉ‍ටු සම්පත් දෙනවා කියන්නේ.... ලංකාවේ තියන සියලු ප්‍රශ්න විසදෙනවලු අධ්‍යාපන සෞඛය ගැටලු නෑවත පැන නගින් නෑලු ඒක් පුද්ග ආදායම දියුනුවෙනවලු..අය අය ගොඩාක් ජාති මාරයි නේ ටවර් එකක් කරන් දෙවල් මොකද රුපියල් කෝටි 1100 වියදම් කරනවානේ..
          අනේ මන්දා කාසි රවර් එක පෙරලලා පොත දිහා අහපු බැලුවා..වෙලාව පොඩ්ඩක් හුටා 8.00..විනාඩි 6ක ට කොහොමද ගිය ට්‍රිප් එක.හම්  අහපු මම ගනන් ටික හද්න්න ගන්නකොටම.. "ලොක්කා එන්න බත් කන්න"ඒ ගාන ඉවර කරපු මට.කන්න යන්න ඉස්සලා මේ විනාඩි හයේ ගමන ලියන්න හිතුවා ඉතින් ..ලිවේ මෙහෙමයි.. උණු උණුවෙම ....








5 comments:

  1. අනේ වාසනාවන්. මමත් ගණන් හදන්නේ මෙහෙම තමා.

    ReplyDelete
  2. හික් හික් ඕකනේ කියන්නේ .. මගේ මෙසේත් ඔහොම පිලිවෙලයි .. අපේ අම්මටත් ඕක තේරෙන් නැති එකනේ වැඩේ කියන්නේ .. බලන් ගියාම අම්මල ඔක්කොම එකයි...

    ReplyDelete
  3. ඇත්තටම මේ කථාව සුපිරි මුල ඉදන් අගටම කියවන් යන්න හිතෙනවා.අම්මලාට අපි අපිලිවෙල අපි ගාව ගෑණු වැඩ නෑනේ හික්ස් :)

    ReplyDelete
  4. යන විදිහට medical faculty එකේ ගෑනු ළමයි තමානේ වැඩි වෙන්න ඕනේ .. මොකද දැන් කොල්ලෝ bio කරන්නේ නැනේ ගොඩක් අය maths නේ කරන්නේ ... අපේ maths class වල කෙල්ලෝ ඉන්නේ 1/4 විතර ... අනේ ඔය වෙලාවට තාම හිතෙන්නේ නිකන් හරි bio class එකකට ගිහින් ඉදන් හිටියට පාඩු නෑ කියල මොකද ඉතුරු 3/4 ම එකේනේ .. අනේ ඉතින් bio කරන එවුන් කොහේ පාඩම අහගෙන ඉන්නද එහෙම class එකක :)

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya